The Ultimate Recovery Tool for Athlete

Sleep is more than rest—it's a performance enhancer. Discover how quality sleep boosts recovery, improves focus, and helps athletes reach their full potential

නින්ද ක්‍රීඩකයෙකුට වැදගත් වන්නේ කෙසේ ද?

ක්රීඩකයෙකුට නින්ද ප්රධාන වශයෙන් වැදගත් වන්නේ,
1. ප්රකෘතිමත් වීමට(Recovery)
2. කාර්යාසාධනය වැඩි කිරීමට(Increasing performance)
 
එමෙන්ම නිසි නින්දක් නොලබන ක්රීඩකයෙකුට අධික මහන්සිය, මානසික ව්යාකූලතාවය සහ නිතරම ඇතිවන නිදිමත ගතිය වැනි තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ.
 
-නින්ද අඩාලවීමට බලපාන සාධක-
 
කුඩා කල සිටම නින්ද නිසි පරිදි ලබා නොගැනීමට පහත කරුණු හේතු විය හැක.
1. සැලැස්මක් නොමැති අතිශය තරගකාරී පුහුණු සැසි
2. නින්දට බාධාවන නිතර ගමන්බිමන් යෑම
3. මානසික ආතතිය
4. අධ්යාපනයට ඇති තරගකාරීත්වය නිසා ඇතිවන ආතතිය
5. ප්රමාණය,වයස ඉක්මවා පුහුණු වීම් සිදු කිරීම
 
තව ද බොහෝ ක්රීඩකයන්ට තරගයකට මුහුණදීමට පෙර ඇතිවන ආතතිය නිසා නින්දට බාධා එල්ල වේ. පුහුණු සැසිවාර ගණනාවක් මගින් තම අත්දැකීම් බහුල වීමත් සමග එම තත්ත්වය ක්රමයෙන් මග හැරෙන අතර ඔබ වඩාත් වැඩි වශයෙන් බියක් දක්වන අවස්ථාවලට මුහුණ දිය යුතුය. තව ද පුහුණුකරුවන් එම ක්රීඩකයන්ගේ මානසික මට්ටම ඉහල නැංවීමට කටයුතු කල යුතුය. කුඩා කල සිටම භාවනා ක්රම පුරුදු කිරීමෙන් සිතට එන එම ආතති තත්ත්වයන් අවම කර ගත හැක.
මෙම කරුණුවලට අමතරව ප්රධානම කරුණ නම් ක්රීඩකයෙකු තමන්ගේ නින්ද කෙරෙහි ප්රමාණවත් අවධානයක් වෙන් නොකිරීමයි.
 
-නිදා ගත යුත්තේ කෙසේ ද?-
 
ඇමරිකාවේ නින්ද පිලිබද වෛද්ය විද්යා ආයතනය මගින් නිර්දේශ කරනු ලබන්නේ ක්රීඩකයෙකුට,
– අවු 10-19 ත් අතර : පැය 8-10
– අවු 18 ට වැඩි : පැය 7-9 ලෙස නින්ද ලබා ගත යුතු බවයි.
 
ක්රීඩකයෙකු අවම පැය 7ක් නිදා ගත යුතු බව මෙමගින් අවධාරණය කරයි. එමෙන්ම පාන්දර 1-3 ත් අතර කාලයේ දී අප ශරීරය යාවත්කාලීන වීමක් සිදු වේ. ශරීරයේ විෂහරණ ක්රියාවලිය, රුධිර සංසරණ පද්ධතිය වැනි පද්ධති මගින් සිරුර අලුත් දවසකට සූදානම් කරයි. මෙම කාලයේ දී ක්රීඩකයෙකු පමණක් නොව ඕනෑම මිනිසෙකු ගැඹුරු නින්දේ ගත කිරීම ඉතා සුදුසු වේ.
 
-නිදන පරිසරය-
 
අදුරු වර්ණයකින් (තද නිල්, අලු, කලු….) නිදන කාමරය තිබීම නින්දට පිටුවහලකි. එමෙන්ම නිදන කාමරය තුල ඔබගේ අනික් වැඩකටයුතුවලට අවශ්ය උපකරණ තබා නොගන්නේ නම් එය නින්දේ ගුණාත්මකබාවය ඉහල නංවයි.
 
-හොද නින්දක වාසි-
 
– ඔබගේ අවධානය, සංවේදනය උපරිම මට්ටමක තබා ගත හැකි වීම.
– ක්රියාත්මක වීමේ කාලය වර්ධනය වීම(Reaction time).
– තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු වීම.
– ආබාධවල ලක්වීම අඩු වීම හා ඉක්මනින් ප්රකෘතිමත් වීම.
 
මලල ක්රීඩකයන් හා අත්පන්දු ක්රීඩකයන් පිරිසක් යොදාගනිමින් සිදුකල පර්යේෂණයකින් එක් නිදිවර්ජිත රාත්රියකින් ක්රීඩකයෙකු වෙහෙසට පත්වන කාලසීමාව ක්රමයෙන් අඩුවන බව සොයාගෙන ඇත.
ඔබට විශිෂ්ට ක්රීඩකයෙකු වීමට අවශ්ය නම් ඔබේ පුහුණු සැසියට, ආහාර රටාවට අවධානය දෙනවා සේම නින්දේ ගුණාත්මකබාවයට ද ලොකු වටිනාකමක් ලබා දිය යුතුය.
 
 

Share:

More Posts

Nut Up for Health

Walnuts වල වැදගත්කම Walnuts කොහොම ද හැදෙන්නේ ? Walnut ශාකයේ ඇති පලතුරුවල බීජ ලෙස මෙය ලබා ගනී. Walnuts වල ඉතිහාසය මෙය පුරාණ පර්සියාව දක්වා දිව

Send Us A Message